දෙමළ මාධ්‍ය පාසල් අද නිවාඩු

73

හෙට දිනට යෙදී ඇති තෛයිපොංගල් උත්සවය වෙනුවෙන් සියලු‍ දෙමළ මාධ්‍ය පාසල් අද (14) දිනයේ වසා තබන බව රජය පවසනවා.

කෙසේ වෙතත් මීට පෙර සදහන් කර තිබුණේ උතුරු පළාතේ පාසල් පමණක් හෙට දිනයේ දී වසා තැබීමට තීරණය කර ඇති බවයි.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යලය නිවේදනය කළේ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා උතුරු පලාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරීන් සමඟ සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

අද දිනය වෙනුවට සතියේ වෙනත් නිවාඩු දිනයක උතුරේ සියලු‍ම පාසල් කටයුතු පැවත්වීමට ද එහිදී තීරණය කෙරුණා.

Your Comments