දෙමටගොඩ වර්චුසාවේ සිටි සිරියාවේ IS පුහුණු සාමාජිකයෙක් කොටු (PHOTOs)

1761

සිරියාවට ගොස් IS ත්‍රස්ත පුහුණුව ලබා පැමිණි බව කියන දෙමටගොඩ පිහිටි වර්චුසා ආයතනයේ සේවකයකු යුද හමුදා විශේෂ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී තිබෙනවා.

දෙහිවලදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරු මත දෙමටගොඩ පිහිටි එම ආයතනයේ ඇතුළු ආයතන හතලිහක් පිහිටි ගොඩනැගිලි නවයක් යුද හමුදාව හා පොලීසිය එක්ව ඊයේ (08) සෝදිසි මෙහෙයුමකට ලක් කර තිබුණා.

තුර්කිය හරහා සිරියාවේදී පුහුණුව ලද කණ්ඩායමක් කරන ලද තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මෙම සැකකරු සේවය කළ බව පැවසෙන වර්චුසා ආයතනය මෘදුකාංග නිර්මාණ ආයතනයක්.

(තිස්ස රවීන්ද්‍ර පෙරේරා)

 

 

Your Comments