දෙපිරිසක් අතර ගැටුමකින් සිව් දෙනෙකු රෝහලට

23

පුත්තලම, නාකියාදෙණිය තලන්ගහ වතු යායේ බොතේජු කොටසේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ඊට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ගැටුමට සම්බන්ධ පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි උඩුගම පොලීසිය සඳහන් කළේ.
ඊයේ රාත්‍රියේ වතුයායේ වතු අධිකාරිවරයාගේ රියදුරුට පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් මෙම ගැටුම හටගෙන තිබෙනවා.
ගැටුමට සම්බන්ධ පිරිසෙන් පුද්ගලයින් අට දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments