‘දෙනුවර මැණිකේ’ නමින් නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක්

99

මෙම මාසය අවසන් වීමට පෙර ‘දෙනුවර මැණිකේ’ නමින් නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයට එක්කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යාමත් සමග දුර ගමන් දුම්රිය සේවාවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුනින්.

චීනයෙන් ආනයන කරන ලද නව බලවේග කට්ටල යොදා ගනිමින් මෙම දුම්රිය ධාවනය කෙරෙනු ඇති.

නව දුම්රිය දිනකට එක්වරක් පමණක් කොළඹ සිට බදුල්ලට ධාවනය කෙරෙනවා.

එමෙන්ම යළි බදුල්ලේ සිට කොළඹට එය පැමිණෙන්නේ ඊට පසු දින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙම දුම්රිය මැදිරි 8කින් යුක්ත වන බවත්, ඒවායෙන් 3ක් සුඛෝපභෝගී මැදිරි ගණයට අයත්.

Your Comments