දුරකථනය හරහා ලක්ෂ 30 කප්පම් ඉල්ලා මරණ තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට

18

දුරකථන ඇමතුම් ලබාදෙමින් රුපියල් ලක්ෂ 30 ක කප්පම් ඉල්ලා මරණ තර්ජන එල්ල කළ පුද්ගලයෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෑලියගොඩ පොලීසියට ලද පැමිණිල්ලකට අනුව දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරින් සිදුකළ මෙහෙයුමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
30 හැවිරිදි සැකකරු කඩවත, ඉහළ බියන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Your Comments