දුම්රිය වර්ජනය තාවකාලිකව නවතී

35

අද(19) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුව තිබෙනවා. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගෙඩ මහතා කියා සිටියේ අදාළ ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් හෙට (20) දිනයේ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන් වර්ජනය හෙට (20) පස්වරු 2 දක්වා කල් දැමුණු බවයි.
කෙසේ වෙතත් හෙට (20) දිනයේ පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට පස්වරු 2 සිට අනිවාර්යයෙන්ම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඉන්දික දොඩම්ගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

 

Your Comments