දිස්ත්‍රික්ක 12කට බලපෑ ආපදා තත්ත්වයන්ගෙන් පුද්ගලයන් 5500කට ආසන්න පිරිසකට බලපෑම්

3

දිස්ත්‍රික්ක 12කට බලපෑ අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 1, 480ක පුද්ගලයින් 5, 415 දෙනෙකු සඳහා බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් එක් දෙනෙකු අතුරුදන්වී සිව් දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ.

මේ අතර, නුවරඑළිය, වලපනේ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් අතුරුදන්වූ 17 හැවිරිදි දරුවාගේ සිරුර සෙවීමේ මෙහෙයුම් දෙවන දිනටත් අද ආරම්භ කර තිබෙනවා.
අද උදෑසන හයේ සිට වලපනේ පොලීසිය සහ යුද හමුදාව ඒකාබද්ධව එම සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඊයේ එම මෙහෙයුම් තාවකාලිකව නතර කරනු ලැබුවේ ප්‍රදේශයට ඇද හැලූණු අධික වර්ෂාවත් සමඟ පස් කණ්ඩි කඩා වැටීම හේතුවෙන්.
පෙරේදා රාත්‍රියේ මොවුන් සිටි නිවස මතට පස් කන්දක් කඩා වැටීමෙන් මව, පියා සහ දියණිය මිය ගිය අතර, ඔවුන්ගේ සිරුරු සොයා ගනු ලැබුවේ ඊයේ උදෑසනයි.
පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් පෙන්නුම්කළ ද ලබන 4,5 සහ 6 යන තෙදින යළි වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙසයි එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියේ.

මේ අතර, මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිත කාළගුණය සම්බන්ධයෙන් ද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මෙලෙස අදහස් පළ කළා.

මේ ඉදිරි කාළගුණ තත්ත්වය පිළිබඳ පැහැදිලි කරන කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා.

Your Comments