දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු ඇඟවීම් !

7

දිවයිනේ නිරිත දිග කො‍‍ටසේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීම අද දිනයේදීත් තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම සබරගමුව පළාත් වලටත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට ඉදිරි පැය කිහිපයේදී මිලි මීටර් 150ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය දිස්ත්‍රික්ක තුනක් සදහා නාය යාම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක වලට අද පස්වරු 1 දක්වා අනතුරු ඇඟවීම වලංගු වනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ නාය යාම් ලක්ෂණ පිළිබදව එම ප්‍රදේශ වල ජනතාව විමසිලිමත් විය යුතු බවයි.

 

Your Comments