දිවියෙකුගේ පහර දීමකින් පුද්ගලයෙකු මරුට – ඡායාරූප ගත් අයෙකුටත් පහරදෙයි

102

දිවියෙකු සිදු කළ පහර දීමකින් කුමන ජාතික වනෝද්‍යානයේ කම්කරුවෙකු මිය ගොස් තිබෙනවා.

අතුරු මාර්ගයක ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන අතරවාරයේ දී ඔහු අනතුරට මුහුණ දී ඇති බවයි පොලීසිය පැවසුවේ.

දිවියාගේ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු අම්පාර රෝහලට ඇතුළත් කෙරුණා.

ඔහු පිරිස රැගෙන ආ ජීප් රථයේ රියදුරු වන අතර, දිවියා පහර දී ඇත්තේ ජීවිතක්ෂට පත් පුද්ගලයාගේ ඡායාරූප ලබා ගනිමින් සිටියදී.

මිය ගිය පුද්ගලයා පොතුවිල් ප‍්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි අයෙක්.

මේ අතර කුමන ජාතික වනෝද්‍යානයේ දිවියන් ගැවසෙන ප්‍රදේශ සංචාරකයන් සඳහා තාවකාලිකව තහනම් කර තිබෙනවා.

වනෝද්‍යානයේ දිවියන් 30-40අතර ප්‍රමාණයක් වාසය කරන බව සඳහන්.

Your Comments