දියගල ගින්න – අක්කර 4ක් විනාශ වෙයි

15

ගිනිගත්හේන දියගල ෆයිනස් රක්ෂිතයේ ගින්නකින් අක්කර 4ක් පමණ විනාශ වී තිබෙනවා.

ඊයේ (19) උදැසන හට ගත් ගින්න ලක්ෂපාන යුධ හමුදා කඳවුරට අනුබද්ධ නෝටන්බ්‍රිජ් යුධ හමුදා අනුකණ්ඩයේ භට පිරිස් සහ හැටන් වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කළා.

ගිනිගත්හේන ප්‍රදේශයට ජල සම්පාදන මණ්ඩලය මගින් පානිය ජලය ලබාදෙන ජල මූලාශ්‍ර කිහිපයක්ද රක්ෂිතයේ පිහිටා තිබෙනවා.

කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි වන සංරක්ෂණ නිලධාරින් සැක කරන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමගම වන වගා රක්ෂිත වලට සහ ස්භාවික රක්ෂත ගණනාවකට ගිනි තැබීම් හේතුවෙන් අක්කර 100කට වැඩි භුමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව පරිසරවේදින් සඳහන් කළා.

(හැටන් – රංජිත් රාජපක්ෂ)

Your Comments