දින 15ක බිළිඳෙකු අළෙවි කිරීමට තැත්කළ 4ක් කොටු

35

අලුත උපන් බිළිදෙකු අළෙවි කිරීමට උත්සාහ කළ කාන්තාවන් තිදෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු රාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දින 15ක් වයසැති බිළිඳා රුපියල් දෙලක්ෂ දස දහසකට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
පොලිසිය සඳහන් කළේ පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ බිළිඳාගේ මව, මිත්තණිය, සීයා සහ තැරැව්කාර කාන්තාවයි.
සැකකරුවන් රාගම සහ මස්කෙළිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments