දකුණු මුහුදේදී බෝට්ටුවක් නෞකාවක ගැටෙයි

16

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහු දින ධීවර යාත්‍රාවක්, භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක ගැටී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 15 වනදා ධිවර කටයුතු සඳහා මුහුදු ගිය අදාළ ධිවර යාත්‍රාව නෞකාවේ ගැටී ඇත්තේ දකුණු මුහුදු වෙරලේ සිට සැතපුම් 100 ක් පමණ දුරින් මුහුදේදියි.
නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.එම්.ඩී.සී බණ්ඩාර මහතා සඳහන් කළේ එම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි.
මේ වන විට අදාළ ධීවර යාත්‍රාව ගොඩ බිමට ළගා වෙමින් පවතින බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.

Your Comments