දැරියක් ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට

11

ගල්නෑව – මිදෙල්ලෑව ප්‍රදේශයේ තුන් හැවිරිදි දැරියක් ඝාතනය කළ 24 හැවිරිදි විවාහක කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මියගිය දැරියගේ නිවස අසළ පදිංචි මෙම කාන්තාව සැමියාගෙන් වෙන් වී සිය මව සහ පියා සමඟ වාසය කරන බවයි වාර්තා වුණේ.
ඊයේ දිනයේදී මෙම දැරිය නිවසට රැගෙනවිත් ඇයව ඝාතනය කර පොහොර උරයක දමා සිය ගෙවත්තේ ළිඳකට දමා තිබෙනවා
එම අවස්ථාවේදි ඇයගේ මව සහ පියා නිවසේ සිට නොමැති අතර, මෙම දැරිය නිවසට රැගෙන විත් ඇත්තේ ද මෙම කාන්තාව විසින්.
මෙම කාන්තාවට දරුවන් නොමැති අතර, මෙම දැරිය සම්බන්ධයෙන් ඇතිවූ ඊර්ෂ්‍යාවක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
මීට අමතරව ඇය මානසික ආබාධයකින් පෙළෙන්නියක බවට සැක කරන බවද පොලීසිය සඳහන් කළා.

Your Comments