දළඹුවන් ව්‍යාප්ත වීම හේතුවෙන් කැබිතිගොල්ලෑවේ පාසලක පන්ති කාමර 8ක් වසා දැමේ

15

දළඹුවන් ව්‍යාප්ත වීම හේතුවෙන් කැබිතිගොල්ලෑව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පන්ති කාමර 8ක් තාවකාලිකව වසා දමා තිබෙනවා.
එහි විදුහල්පති ඒ. එෆ්. චන්ද්‍රසේකර මහතා පැවසුවේ සතියක පමණ කාලයක සිට දළඹුවන් ව්‍යාප්තවීම හේතුවෙන්, විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ 4 සහ 5 ශ්‍රේණිවලට අයත් පන්ති කාමර 8ක් ඊයේ දිනයේ සිට එලෙස වසා දැමුණු බවයි.
අදාළ දළඹුවන් සිසුන්ගේ ශරීරයේ ස්පර්ශ වීම හේතුවෙන් ආසාත්මික තත්වයන් මතුව ඇති බවද විදුහල්පතිවරයා සදහන් කලා.
ඒ පිළිබදව පලාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කර ඇති බවයි විදුහල්පති ඒ. එෆ්. චන්ද්‍රසේකර මහතා වැඩි දුරටත් පැවසුවේ.

Your Comments