දළඳා මාළිගාවේ අලු‍ත් සහල් මංගල්‍යය

32

මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ සිව් මහා මංගල්‍යයන්ගේ පළමු මංගල්‍යය වන අලු‍ත් සහල් මංගල්‍යය අද පෙරවරුවේ සිදු කෙරුණා.

පෙරවරු 10.11ට යෙදුණු සුබ මොහොතින් දළඳා මාලිගාවේදී අලු‍ත් සහල් මංගල්‍යය සිදු කෙරුණු බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

ඒ, තේවාව භාර පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ගේ ප්‍රධානත්වයෙන්.

වර්ෂයේ අස්වැන්න සරුසාර කොට රටෙහි සමෘද්ධිය හා සෞභාග්‍යය සාධනය කර ගැනීම අරමුණු කොට මෙම ඉපැරණි චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍රය නොකඩ කොට පැවැත්වීම ජාතියේ අභිමානය හා අභිවර්ධනය පිණිස හේතු වෙයි.

පෙර රජදරුවන් විසින් අඛණ්ඩව පවත්වාගෙන ආ මෙම මංගල සම්මත අලුත් සහල් මංගල්‍යය කෘෂිකර්මය ජීවන වෘත්තිය කරගත් පැරැණි ජන සමාජයේ සංස්කෘතිය සමඟ බැඳීවිත් ලක්දිවට බුදු දහම වැඩම වීමත් සමඟ වඩාත් වර්ධනය වී තිබෙනවා.

කලට වැසි ලැබී අස්වැන්න නිසි පරිදි ලැබී රටට දැයට සමෘද්ධිය සෞභාග්‍යය ලබාගනු වස් චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍රමය පූජා විධි ක්‍රමයක් ලෙස මෙය අද දක්වාම අඛණ්ඩව පවත්වාගෙන එයි.

Your Comments