දළදා වහන්සේගේ තේවා කටයුතු කිරීම මල්වතු පාර්ශ්වයට

30

දළදා සමිඳුන් උදෙසා දෛනිකව සිදුකරන තේවාව සිදුකිරීමේ වගකීම ඉදිරි වර්ෂය සඳහා අස්ගිරි පාර්ශවයේ සිට මල්වතු පාර්ශවය වෙත පැවරී තිබෙනවා.

ඊයේ දින පෞරාණික චාරිත්‍රානුකූලව ශ්‍රී දළදා මාළිගාවේදි එය සිදු කෙරුණු බවයි වාර්තා වුණේ.

මෙම තේවා මාරුව ඇසළ පුන් පොහෝ දිනට පසු සිදු කෙරෙන අතර, පසුගිය වසර පුරා එම කටයුතු ඉටු කළේ අස්ගිරි පාර්ශවයයි.

තේවා මාරුව පෞරාණික චාරිත්‍රානුකූලව සිදුකළ අවස්ථාවට මල්වතු – අස්ගිරි උභය මහා විහාරීය මහානා හිමිවරුන් සහ විංසත් වර්ගික කාරක සංඝ සභික හිමිවරුන් මෙන්ම දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද සහභාගිවී සිටියා.

Your Comments