දඹුල්ලේ තරඟය අතරතුර උණුසුම් තත්ත්වයෙන් දස දෙනෙකු අත්අඩංගුවට

57

සචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති ක්‍රිකට් තරඟය අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයක් හමුවේ පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඉන් සැකකරුවන් තිදෙනෙකු ඇප මත මුදාහැරීමට පියවර ගෙන ඇති අතර, සෙසු සැකකරුවන් 7 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
මේ අතර, සිද්ධියෙන් එක්සත් ජාතික පක්‍ෂ පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ආරක්‍ෂක නිලධාරියෙකුට පුද්ගලයෙකු විසින් හිසට පහරදීමත් සමග එම උණුසුම් තත්ත්වය හටගත් බවයි.

Your Comments