දඹගල්ල දැලිව කොස්ගස්ආරාව වැවේ තිබී මළ සිරුරක් සොයා ගැනේ
ජයන්ත වීරසේකර - වැල්ලවාය

18

දඹගල්ල දැලිව ප්‍රදේශයේ වැවක ගිලී මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් අද(03) දඹගල්ල පොලීසිය සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දඹගල්ල රුවල්වෙල දැලිව පදිංචි ටී.ආර්.එම් අමරදාස නැමති 45 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.

හෙතෙම ඉකුත් (02) වෙනිදා උදෑසන නිවසින් පිටවගොස් තිබෙන අතර ආපසු නොපැමිණීම නිසා ඥාතීන් පොලීසියට දැනුම්දී තිබෙනවා.

පසුව පොලීසිය හා ගම්වාසීන් එක්ව දැලිව පිහිටි කොස්ගස්අරාව වැවේ තිබී අතුරුදහන්වූ පුද්ගලයාගේ මළසිරුර සොයාගෙන ඇති බවයි නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ.

මෙම මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය අද (03) පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් දඹගල්ල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනවා.

 

Your Comments