දකුණු මුහුදේ දිය නෑමට අවවාදාත්මක නිවේදනයක්

31

උදම් රළ ඉහළ යාම හේතුවෙන් දකුණු මුහුදු තීරයේ දිය නෑමේදී සැලකිලිමත් විය යුතු බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

විශේෂයෙන් මෙම දිනවල උදෑසන කාලයේ සහ පස්වරු කාලයේ මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ.

මේ අතර අම්බලන්ගොඩ, ගොඩගම, තෙල්වත්ත යන ප්‍රදේශ ආශ්‍රිතව මුහුදු රළ ගොඩබිමට පැමිණීම හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට ගල් සහ වැලි ගොඩගසා තිබුණා.

මේ වන විට එම අපද්‍රව්‍ය මාර්ගයෙන් ඉවත් කර ගමනාගමන කටයුතු යථා තත්වයට පත් කර තිබෙනවා.

Your Comments