දක්ෂිණ අධිවේගි මාර්ගයේ අනතුරකින් මෝටර් රථ 9කට හානි

29

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා කුරුදුගහහැතැක්ම අතර පනස් හත්වන කණුව අසලදී සිදුවූ අනතුරකින් මෝටර් රථ 09 කට බරපතළ හානි සිදුව තිබෙනවා.
කොළඹ සිට මාතර බලා ගමන්ගත් මෝටර් රථයක් එක් වරම තිරිංග තද කිරීම හේතුවෙන් පිටුපසින් පැමිණි මෝටර් රථ කිහිපයක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් මෝටර් රථ වල ගමන් ගත් කිසිවකුටත් තුවාල සිදුවී වී නොමැති බව සදහන්.

Your Comments