දක්ෂිණ අධිවේගයේදී සැළකිලිමත් වන්න !

32

පවතින වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනයේදී වඩාත් සැළකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා.

මෝටර් රථවල විදුලි පහන් දල්වාගෙන රිය පදවන ලෙසයි අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ 25 වන කිලෝමීටර කණුව අසළදී රිය අනතුරක් සිදුව තිබෙනවා.

මෝටර් රථ 3ක්, කැබ් රථයක් සහ බවුසරයක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.

Your Comments