තෝපූර් නිවසක නිදන් සෙවූ සිව් දෙනෙක් අත්අඩංගුවට
අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය

44

මුතුර් පොලිස් වසමට අයත්  තෝපුර් ප්‍රදේශයේ නිවසක් තුල නිධානයක් ගැනිමේ අරමුණෙන්  අනවසර කැණීමක් සිදු කරමින් සිටි පුද්ගලයන්  සිව් දෙනෙකු අද   (01) අලුයම පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සමග එහි සිටී කුකුලෙක්, බිත්තරයක් හා  කැණීම් උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  තුන්දෙනෙකු මරදාන ප්‍රදේශයේ  පදිංචකරුවන් වන අතර  එක් අයෙකු තෝපුර් පදිංචිකරුවෙකි. මුතුර් පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව මෙම වැටලිම සිදු කර තිබෙනවා. අත්අඩංගුවට පත් මුස්ලිම්  ජාතික සැකකරුවන් තිදෙනා හා දෙමළ ජාතික සැකකරු මුතුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර කැණීම් කල ස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍යා වාර්තාවක්  කැඳවීමට නියමිතයි. මුතුර් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Your Comments