තේරීම් කාරක සභාවට පැමිණෙන බුද්ධි නිලධාරීන්ගේ අනන්‍යතාවය ගැන සභාපති සහතික වෙයි

9

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කරුණු සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ගෙන්වන කිසිදු බුද්ධි අංශ නිළධාරියෙකුට හානියක් වීමට ඉඩ නොතබන බව කමිටු සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා අවධාරණය කළා.

ඔවුන්ගේ මුහුණු මාධ්‍යයට නිරාවරණයවීමටද ඉඩ නොතබන බවයි ඇඹිලිපිටියේදී මාධ්‍ය වෙත කරුණු දක්වමින් ඔහු කියා සිටියේ.

කාරක සභාවේ සෑම සාමාජිකයෙකුම ඒ සම්බන්ධයෙන් පොදු එකගතාවයක පසුවන බවද ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළා.

කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙන ඕනෑම අයෙකුට ඔවුන්ගේ අවශ්‍යතාවය මත මාධ්‍ය ඉවත් කර සාක්ෂි ලබාදීමට ඉඩකඩ විවෘත බවයි නියෝජ්‍ය කථානායකවරයා අවධාරණය කළේ.

මීලග සැසිවාරයේදී කැඳවා ඇති බුද්ධි අංශ නිළධාරීන් මොනයම් හේතුවක් මත හෝ මාධ්‍යයට විවෘත නොකරන බවයි ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේ.

තමන් පුද්ගලිකව එම වගකීම භාරගන්නා බවද ඔවුන් කාරක සභා ශාලාවට පැමිණෙනවිට හෝ ඡායාරූපයක් ගැනීමට පවා ඉඩක් නොදෙන බවද ඔහු ප්‍රකාශ කළා.

Your Comments