තෙවැනි පාසල් වාරය අදින් අවසන්

13

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2019 වර්ෂයේ තෙවැනි පාසල් වාරය අදින් අවසන් වනවා.

අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ 2020 වර්ෂයේ පළමු පාසල් වාරය ජනවාරි දෙවනදා ආරම්භ වීමට නියමිත බවයි.

මේ අතර, 2020 වසර සඳහා පාසල් නිල ඇඳුම් වෙනුවට පවුචර් පත් ලබාදීමට නව පාසල් වාරය ආරම්භයේ දීම කටයුතු යොදන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

හෙතෙම මේ බව පැවසුවේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක් වෙමින්.

Your Comments