තෙවන පාසල් වාරය අනිද්දායි අවසන්
පාසල් නිල ඇදුම් පලමු වාරය ආරම්භයේදී

15

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ තුන්වන පාසල් වාරය මේ මස 29 වන සිකුරාදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි මස 2 වන බ්‍රහස්පතින්දා ආරම්භ වන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
අප්‍රේල් මස 6 වනදා 2020 වසරේ පළමු පාසල් වාරය අවසන් කිරීමට සැළසුම් කර තිබෙනවා.
මේ අතර ලබන වසරේ පාසල් වාරය ආරම්භයේදී සියලු පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
2019 පාසල් වාරය අවසන් වීමට තවත් දින 3 ක පමණ කාලයක් තිබියදීත් පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදිමට අවශ්‍ය පියවර නොගැනීම කණගාටුවට කරුණක් බවයි හෙතෙම කියා සිටියේ.
පසුගිය රජය විසින් පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් පත් ලබාදිමට ගෙන ඇති ක්‍රියාමාර්ගය තුළ රජයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බවට ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණිලි ද ඉදිරිපත් වී තිබෙනවා.
කෙසේවෙතත් පසුගිය වර්ෂයේ පැවති මිල ගණන් යටතේම නිල ඇඳුම් සඳහා වවුචර් පත් ලබාදීමට අදාලව පසුගිය අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර තිබුණ ද ඒ සඳහා තීරණයක් ලබාදි නොමැති බව ද වාර්තා වනවා.

Your Comments