තිරිඟු පිටි මිල රුපියල් පහකින් ඉහළට

39

තිරිඟු පිටි මිල රුපියල් පහකින් ඉහළ දැමීමට ප්‍රීමා සමාග පියවර ගෙන තිබෙනවා. ඊයේ(31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ඉහළ දැමීම ක්‍රියාත්මක බවයි එහි ප්‍රකාශකයකු කියා සිටියේ. මෙතෙක් රුපියල් 95ක්ව පැවැති තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 100ක් දක්වා ඉහළ යනවා.
ඩොලරයේ අගයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම සහ ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් ඉහළ යාම යන කරුණු පදනම් කර ගනිමින් මෙලෙස මිල ඉහළ දැමීමට හේතු වූ බවයි ප්‍රීමා සමාගම පවසන්නේ.

 

Your Comments