තැපැල් සේවක වර්ජනය තාවකාලිකව අවසන් – අඛණ්ඩ උපවාසය තවදුරටත්

45

තැපැල් සේවක වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ ද ආරම්භ කර ඇති අඛණ්ඩ උපවාසය තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ පවසනවා.

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ ගැටඵ සදහා නිසි විසදුමක් ලැබෙන තුරු එම උපවාසය පවත්වන බවයි.

සිය ගැටලු සඳහා විසඳුම් ලබාදීමට ලබන 07 වන දා දක්වා අවස්ථාව ලබාදෙන බවට බලධාරීන් ඉල්ලා සිටි බවයි චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර දින 16ක් පුරා පැවති තැපැල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් ලිපි ලක්ෂ 15කට අධික ප්‍රමාණයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී ඇති අතර ඒවා කඩිනමින් බෙදා හැරීමට කටයුතු කරන බවයි චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Your Comments