තැපැල් කාර්යාලවලින් වංචනික ලෙස මුදල් උපයාගත් උප තැපැල් ස්ථානාධිපතිනිය රිමාන්ඩ්

25

විවෘත නොවූ තැපැල් ඉතිරිකිරීම් ගිනුම්වලින් වංචනික ලෙස මුදල් ලබාගත් උප තැපැල් ස්ථානාධිපතිවරියක් ලබන 24 වන දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කන්තලේ මහේස්ත්‍රාත් තුසිත ධම්මික මහතා නියෝග කළා.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මාවනැල්ල අලුත් නුවර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි උප තැපැල් ස්ථානාධිපතිවරියක්.

සැකකාරිය තබලගමුව, කන්තලේ, ගල්මැටියාව මොල්ලිපොතාන හා ත්‍රිකුණාමලය යන තැපැල් කාර්යාලවලින් තැපැල් ඉතිරි කිරීමේ පාස් පොත් තුනක් උපයෝගි කරගනිමින් රුපියල් 47,000 කට අධික මුදලක් වංචා කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

Your Comments