ත්‍රීරෝද රථ කුලී ගාස්තු ඉහළට

8

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථවල මීටර් ගලවා අභිමතය පරිදි මිල ගණන් අය කිරීමට ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රීරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා.
එහි සභාපති සුනිල් ජයවර්ධන මහතා නිවුස් 24 කළ විමසීමකදී කියා සිටියේ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සදහා කඩිනමින් ඉන්ධන සහනයක් අපේක්ෂා කරන බවයි.

මේ අතර ඉන්ධන මිල ඉහළ ගියද ගාස්තු වැඩි නොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය අවධාරණය කරනවා.
එහි සභාපති සුදිල් ජයරුක් මහතා නිවුස් නිවුස් 24 අදහස් දක්වමින් කියා සිටියේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 140 දක්වා මිල වැඩි වුවහොත් පමණක් ගාස්තු ඉහළ දමන බවයි.

Your Comments