ත්‍රිරෝදයක් ලොරි රථයක ගැටී තිදෙනෙකු ට බරපතලයි (PHOTOs)

43

ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

අනතුර සිදුව ඇත්තේ අද දහවල් 12 ට පමණ ගම්පොල – නාවලපිටිය මාර්ගයේ ඇත්ගාල, ලක්ෂයවත්ත ප්‍රදේශයේ දී

තුවාලකරුවන් ගම්පොල මූලික රෝහල ට ඇතුළත් කෙරුණා.

ගම්පොල පොලිසිය පැවසුවේ අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථය ලොරි රථයේ ගැටී ඇති බවයි.

තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් ගත් දෙදෙනෙක්.

නාවලපිටිය සිට ගම්පොල බලා ත්‍රිරෝද රථය ගමන්කර තිබූ අතර ලොරි රථය මහනුවර සිට නාවලපිටිය බලා ගමන් ගනිමින් තිබුණා.

ත්‍රිරෝද රථයේ රථයේ වේගය පාලනය කර ගත නොහැකිව අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ගම්පොල පොලිසිය සඳහන් කළේ.

(හැටන් – රංජිත් රාජපක්ෂ)

Your Comments