ත්‍රස්තවාදය ලොවෙන් අතුගා දැමීමට සියලු රාජ්‍යයන් මිත්‍රශීලීව අත්වැල් බැඳගත යුතුයි
ජනපති ලෝක නායකයන් ඉදිරියේ අවධාරණය කරයි

10

ආගමික අන්තවාදයෙන් බිහිවන අන්තවාදී ත්‍රස්තවාදය ඇතුළු ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් අතුගා දැමීමට සියලූ රාජ්‍යයන් මිත්‍රශීලීව අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කලා.
ඒ අද පෙරවරුවේ චීනයේ බීජිං නුවර දී ආරම්භ කෙරුණු ”ආසියානු ශිෂ්ටාචාර පිළිබද ජාත්‍යන්තර සමුළුව” අමතමින්.
එහිදී ජනාධිපතිවරයා යෝජනා කළේ ආසියානු ශිෂ්ටාචාරය පිළිබද කතා කරන මෙම සමුළුවෙන් නැගෙන හඬ ජාත්‍යන්තර ත්‍රස්තවාදයත්, ආගමික අන්තවාදී ත්‍රස්තවාදයත් පරාජය කිරීම සදහා ශක්තියක් බවට පත්කරගත යුතු බවටයි.
ශ්‍රී ලංකාව තුළ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ බර්ගර් යන ජන කොටස් එහි ජීවත්වන අතරම ඔවුන් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම්වලට අයත්වන බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.
ඔවුන්ගේ සහජීවනය රට ඉදිරියට ගෙන යාමට ශක්තියක් බවයි හෙතෙම ප්‍රකාශ කලේ.
පළමු වරට සංවිධානය කෙරුණු ”ආසියානු ශිෂ්ටාචාර පිළිබද ජාත්‍යන්තර සමුළුව” චීන ජනාධිපති ෂින් ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ බීජිං නුවර දී ආරම්භ කෙරුණා.
එහි විශේෂ ආරාධිතයෙකු ලෙසටයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් වී සිටින්නේ.
මෙම සමුළුව 22 වනදා දක්වා බීජිං නුවර දී පැවැත්වීමට නියමිතයි.

Your Comments