ත්‍රස්තවාදය මර්ධනයට අදාළ වගන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති රෙගුලාසි යටතට – අටේ සිට යළිත් පොලිස් ඇදිරි නීතිය

31

ත්‍රස්තවාදය මර්ධනයට අදාළ වගන්ති පමණක් ජනාධිපතිවරයාගේ නියෝග පරිදි අද රාත්‍රී 12 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට බලය ලබා දීමේ අරමුණෙන්.
මේ අතර, අද රාත්‍රී අටේ සිට යළි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මන වනවා.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව හෙට අලුයම හතර දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි.
ඊයේ සිදු වූ පිපිරීම්වලට අදාළව සිදු කරන පරීක්ෂණවලට සමගාමිව එලෙස ඇදිරි නීිතිය ක්‍රියාත්මක වනවා.
මේ අතර, අද රාත්‍රියේ ධාවනය කිරීමට නියමිතව තිබූ සියලු තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ආරක්ෂක අංශවලින් ලද උපදෙස් මත මෙලෙස රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බවයි.

මේ අතර, සියලුම පෞද්ගලික කතෝලික පාසල් ලබන 29 වනදා දක්වා වසා තැබෙන බවට නිවේදනය කර තිබෙනවා.

Your Comments