තවත් විශේෂ දුම්රිය සේවාවක් – මෙන්න විස්තරේ

36

ලංගම, දුම්රිය සහ ජාතික ගමනාගමන කොමිසම් සභාව එක්ව හඳුන්වා දුන් අලුත් අවුරුදු ඒකාබද්ධ මෙහෙයුම ලබන 22 දක්වා ක්‍රියාත්මකයි.

ඈත ගම්වල සිට කොළඹට පැමිණෙන මගී ජනතාව සඳහා ඒකාබද්ධ මෙහෙයුම ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය හඳුන්වා දුන්නා.

ඒ යටතේ විශේෂ දුම්රිය 11ක් අප්‍රේල් 20, 21, 22 යන තෙදින තුළදී ධාවනයට දුම්රිය දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ 1350ක් ඈත ගම්වල සිට කොළඹ දක්වා ධාවනයට යොදවා තිබෙනවා.

යොදවා ඇති පෞද්ගලික බස්රථ ගණන 3000ක්.

අලුත් අවුරුද්දේ ප්‍රවාහන මෙහෙයුමෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දිනක ආදායම රුපියල් ලක්ෂ පහ ඉක්මවා ඇති අතර ලංගමය රුපියල් මිලියන 400ක ආදායමක් උපයා ඇති බව ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළා.

“… ලංගම, දුම්රිය සහ ජාතික ගමනාගමන කොමිසම් සභාව එක්ව අවුරුදු ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙයයි.
එහි සාර්ථකත්වය මතම ජනතාවට ලැබුණේ අඩු පීඩනයක්.
එයින් ඇති වුණු සහනය ගම්වල සිට කොළඹට එන මගීන්ටත් ලබා දීමට අ‍පි අපේක්ෂා කරනවා.
විශේෂයෙන්ම අධිවේගී මාර්ගයේ කොළඹට එන විට කොට්ටාව පිවිසුමේ දැඩි තද බදයක් ඇති විය හැකි යි.
ඒ ගැන සැලකිල්ට ගෙන අතුරුගිරිය, කහතුඩුව වැනි ස්ථාවලින් බස්රථ එළියට ගෙනවීත් කොළඹ දක්වා ධාවනයට කිරීමට අපි අපේක්ෂ කරනවා.
ඒ වගේම බස්රථ මගීන් සඳහා අතරමග ක්‍රියාත්මක ආපන ශාලාවලින් අලෙවි කරන ආහාරවල ප්‍රමිතිය ගැනද අපේ අවධානය යොමු කර තිබෙනවා.

මෙහිදී තවත් දෙයක් කිවයුතුයි.

පසුගිය අප්‍රේල් අටවැනිදා අපි බෙලි අත්ත දුම්රිය ස්ථානය විවෘත කළේ.
ඒ දවසේ එම දුම්රිය ස්ථානයේ ආදායම රුපියල් 1945යි.
නමුත් 17 වැනි දින පමණක් රුපියල් පන් ලක්ෂ හතලිස් දෙදාහක ආදායමක් බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ලැබී තිබෙනවා.

ඉදිරි දින කිහියේදී ශ්‍රී ලංගම වෙතින්ද තවත් මිලියන 400ක ආදායමක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

දුම්රියේ ආදායමත් එලෙස වර්ධනය වෙනු ඇතැයි මම අපේක්ෂා කරනවා…”

Your Comments