තවත් බීමත් රියදුරන් 200 දෙනෙකු අත්අඩංගුවට

12

අද පෙරවරු 6 න් අවසන් ගත වූ පැය 24 තුළ පුද්ගලයින් 200 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දිවයින පුරා ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමට සමගාමීවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පසුගිය 5 වනදා සිට මේ දක්වා කාලය තුළදී බීමත් රියදුරන් 3354 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Your Comments