තවත් කොරෝනා ආසාධිතයින් 14 දෙනෙකු සුවය ලබයි

11

කොරෝනා වෛරසය ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 2, 593 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, තවත් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.
මිනුවන්ගොඩ මූලික රෝහලේ 10 දෙනෙකුද, පනාගොඩ යුධ හමුදා රෝහලේ සහ ඉරණවිල රෝහලේ දෙදෙනා බැගින් ද මෙලෙස සුවය ලබා පිටව ගියා.
ගතවූ පැය 24 තුළදී මෙරටින් නව ආසාධිතයන් 03 දෙනෙකු වාර්තාවීමත් සමග සමස්ත ආසාධිතයන් ගණන 2, 844 දක්වා ඉහළ ගියා.
තවමත් ප්‍රතිකාර ලබමින් පසුවන්නේ ආසාධිතයන් අතුරින් 240 දෙනෙකු පමණයි.

Your Comments