තලවකැලේ හදිසි වැටලීම

29

තලවකැලේ නගරයේ අපාන ශාලා සහ සිල්ලර වෙළදසැල් රැසක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අද (08) හදිසි පරික්ෂාවට ලක් කළා.

කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ තලවකැලේ ලිඳුල නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් එක්වයි හදිසි පරික්ෂාව සිදු කරනු ලැබුවේ.

අපිරිසිදුව ආපන ශාලා පවත්වාගෙන ගිය පුද්ගලයන් සහ සහ සිල්ලර වෙළදසැල් රැසකට එරෙහිව ආහාර පනත යටතේ නෛතික පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

මේ අතර තවත් වෙළඳසැල් කිහිපයකට අඩුපාඩුකම් සපුරා ගැනිම සඳහා දින 14 කාලයක් ලබාදී තිබෙනවා.

එසේ නොකරන ආපන ශාලා හිමියන් සහ වෙලදසැල් හිමියන්ට එරෙහිව නෛතික පියවර ගනු ඇති.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් හැටන් මාර්ගය ඔස්සේ නුවරඑලිය දක්වා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ගමන් ගන්නා බවත් ඉන් වැඩි පිරිසක් තලවකැලේ නගරයේ ආපන ශාලාවලට සහ වෙළදසැල්වෙත් පැමිණෙන අතර ඒවායේ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ නැංවීමට කටයුතු බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් වැඩිදුරටත් කියා සිටියේ.

(හැටන් – රංජිත් රාජපක්ෂ)

Your Comments