තරුණයින් තිදෙනෙක් ඝාතනය කළ පාතාල සාමාජිකයාට මරණ දඬුවම

103

තරුණයින් තිදෙනෙකු ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ පාතාල සාමාජිකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා අද මරණ දඬුවම නියම කළා.
2006 වසරේ නොවැම්බර් මස දෙවන දා හෝ ඊට ආසන්න දිනයකදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අදාළ ඝාතනයන් සිදුව තිබුණා.
මෙලෙස මරණ දඬුවම හිමිව ඇත්තේ ගමා නමැති පාතාල සාමාජිකයෙකුට බවට නිව්ස් 24 අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකුට චෝදනා එල්ලව තිබුණ ද ඒවා සනාත නොවීම හේතුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමටයි විනිසුරුවරයා පියවර ගෙන ඇත්තේ.

Your Comments