තද වැසි පිළිබද කාළගුණයෙන් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක්

54

තද වැසි ඇති වීම සම්බන්ධයෙන් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දිවයිනට ගිනිකොන දෙසින් පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්.

ඒ අනුව, මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර, මාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්ක සදහා මෙම රතු අනතුරු ඇගවීමේ නිවේදනය බලපැවැත්වෙනු ඇති.

දිවයින පුරා විශේෂයෙන්ම නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුර පළාත්වල පළාත්වල පවතින වැසි තත්ත්වය අද සිට තවදුරටත් වැඩි විය හැකි බවයි කාළගුණ විද ්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200ක පමණ තද වර්ෂාවක් ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

මේ අතර, ගිණිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය වැඩි විය හැකි බව ද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

Your Comments