තණමල්විල වෙඩිතැබීමක්

31

තණමල්විල නගරයේ අද දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු දහවල් 12යි 20 පමණ මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ තණමල්විල, ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක්.
මිය ගිය පුද්ගලයා මීට මාස 4කට පෙර සිදු වූ මනුෂ්‍ය ඝාතනයක සැකකරුවකු ද වන බව සඳහන්.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නැහැ.

Your Comments