ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වහාම සූදානම් වන්නැයි ජනපති සහ අගමැතිගෙන් බළධාරීන්ට උපදෙස්

7

ඉදිරියේ දී ඇති විය හැකි ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වහාම සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් පාලන ප්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඉදිරි සැලසුම් සැකසීම පිණිස ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි මෙම උපදෙස් ලබාදී ඇත්තේ.
සෑම වසරකම ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වනවා.
වෙනත් ප්‍රදේශවලවල සිට බස්නාහිර පළාතට දෛනිකව විශාල පිරිසක් පැමිනීමත් සමග ඔවුන් වාහකයන් ලෙස පිටව යාම වැළැක්විය හැක්කේ බස්නාහිර පළාතට ප්‍රමුඛත්වය ලබා දී ඩෙංගු මර්දනය කිරීමෙන් බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ඒ සඳහා පළාතේ සියලු පලාත් පාලන ආයතන සෞඛ්‍ය අංශ සහ පරිසර පොලීසිය සක්‍රීයව ක්‍රියාත්මක විය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.
සතියකට වරක් ආණ්ඩුකාරවරුන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් රැස්වී සෞඛ්‍ය කමිටු සැලසුම් පසුවිපරමට ලක් කරන ලෙස ද මෙහිදී උපදෙස් ලබා දුන්නා.
සාර්ථකව ඩෙංගු මර්දනය කළ රටවල අත්දැකීම් ආදර්ශයට ගන්නා ලෙසයි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යරවයා එහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේ.

Your Comments