ඩෙංගු මදුරුවන් ස්වභාවිකවම විනාශ කළ හැකි බැක්ටීරියාවක් ශ්‍රී ලංකාවට

21

ඩෙංගු මදුරුවන් ස්වභාවිකවම විනාශ කළ හැකි බැක්ටීරියා විශේෂයක් ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකාවේ ලෝක මදුරු වැඩසටහන විසින් පියවර ගෙන තිබෙනවා.

ඩෙංගු මදුරුවන් විනාශ කළ හැකි මෙම බැක්ටීරියාව ඕස්ට්‍රේලියාවේ සිදුකළ අත්හදා බැලීම්වලදී ඉතා සාර්ථකවී ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ මෙම බැක්ටීරියාව ව්‍යාප්ත කළ ප්‍රදේශයේ වසර අටකින් ඩෙංගු රෝගියෙකු වාර්තාවී නොමැති බවයි වාර්තා වන්නේ.

පළමු වරට මෙරට තුළ එම බැක්ටීරියා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන නුගේගොඩ ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් පෙබරවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද සහාය ඒ සඳහා හිමිවන අතර ව්‍යාපෘතිය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී සංවිධාන කර තිබුණා.

Your Comments