ඩුබායිවලින් පිටුවහල් කළ කංජිපානි ඉම්රාන් කටුනායකදී CID භාරයට

71

මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කරනු ලැබූ පාතාල නායක මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාව හරහා මාලදිවයිනට යෑමට උත්සාහ කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ඔහු අද උදෑසන 6.20 ට ඩුබායි සිට පැමිණි ප්ලයි ඩුබායි ගුවන් සේවයේ එල් ඉසෙඞ් 547 දරණ යානයෙන් කටුනායකට පැමිණී බවයි.
මොහු මාලදිවයින වෙත යාමට ගුවන් තොටුපලේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිටියදීයි මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගෙන ඇත්තේ.
පොලිසිය පැවසුවේ මොහුත් සමඟ ඩුබායි සිට පිටුවහල් කළ තවත් තුන්දෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බවයි.
පසුගිය පෙබරවාරි පස්වනදා ඩුබායි හෝටලයකදී පැවති සාදයක් අතරතුරදී මධුෂ් සහ කංජිපානි ඉම්රාන්, මෙන්ම පාතාල නායකයින් කිහිපදෙනෙකුම මෙහිදී අත්අඩංගුවට පත්වුණා.

Your Comments