ට්‍රැක්ටර් පහක් අල්ලයි (PHOTOs)

13

වැල්ලවාය ඌව කුඩාඔය පොලිසිය විසින් කුඩාඔය විස්ස යාය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී බලපත්‍ර කොන්දෙසි උල්ලංඝණය කරමින් වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථ පහක් සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විස්ස යාය ප්‍රදේශයෙන් වැලි පටවා තෙලුල්ල ප්‍රදේශයේ වැලි අලෙවි කරන ස්ථානයක් දක්වා වැලි ප්‍රවාහනය කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි පිරිසක්.

සැකකරුවන් දීර්ඝකාලයක සිට ජාවාරමේ නිරත වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

(ජයන්ත වීරසේකර – වැල්ලවාය)

 

Your Comments