ඥානසාර හිමියන්ගේ අභියාචනය සළකා බැලීමට දින නියම වෙයි

22

තමන්ට එරෙහිව ලබාදුන් වසර 6 ක සිරදඩුවම අහෝසි කරන ලෙස ඉල්ලමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම සළකා බැලීමට දින නියම කර තිබෙනවා.
එය මේ මස 28 වනදා සලකා බැලීමටයි ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන් තීරණය කර ඇත්තේ.
තමන්ට එරෙහිව අභියාචනාධිකරණය ලබාදී ඇති තීන්දුව අහෝසි කර නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.
උන්වහන්සේ ඇපෑලක් ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීම පසුගිය 31 වනදා ප්‍රතික්ෂේප කෙරුණා

Your Comments