ඥාණසාර හිමි අදත් රතන හිමි බැහැ දකියි – ආචාර්ය විජේදාසත් යයි (PHOTOs)

152

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි අද තුන්වන දිනටත් උපවාසයේ නිරතවනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව ඉදිරිපිටදී උන්වහන්සේ උපවාසය ආරම්භ කළේ පසුගිය 31 වනදා පෙරවරුවේදීයි.

රිෂාද් බදියුදීන් මහතා අමාත්‍යධූරයෙනුත්, අසාද් සාලි හා එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලිනුත් ඉවත් කරන ලෙසයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටින්නේ.

උන්වහන්සේගේ උපවාසයට සහය පළ කරමින් කතෝලික සභාවේ නියෝජිතයෙකු ද මෙම උපවාසයට එක්වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසයට සහය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා ද උපවාසයක් ආරම්භ කළේ මඩකලපුවේ දී.

මඩකලපුවේ ගාන්ධි උද්‍යානය අසළ එම ස්ථානයට වැඩම කළ මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ද උපවාසයට සහයෝගය දක්වා තිබෙනවා.

මේ අතර, ඊයේ දිනයේ රතන හිමියන් බැහැදැකීමෙන් අනතුරුව ආචාර්යය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

මේ අතර, රතන හිමියන් ගෙන යන උපවාසයේ කරුණු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතා එකඟත්වය පළ කළා.

ඒ ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහය පළ කරමින් පෑරලිය – තෙල්වත්ත මංසන්ධියේ විරෝධතාවක් පැවැත්වුණා.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අදත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බැහැ දැක්කා.

මේ අතර ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාත් අද පෙරවරුවේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බැහැ දැක්කා.

Your Comments