UPDATE : ඥානසාර හිමිට වසර 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

59

අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා 04කට වරදකරු වූ බොදුබල සේනා සංවිධානය ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය සිරදඬුවම වසර 06කින් ගෙවිය යුතු බව නියම කර තිබෙනවා.

අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු විසින් මෙම තීන්දුව ලබාදුන්නා.

තීන්දුව දෙමින් විනිසුරුවරු සඳහන් කර සිටියේ ඥාණසාර හිමියන්ට එරෙහිව ඉදිකර තිබූ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා 04කටඋන් වහන්සේ වරදකරු කරන බවයි.

ඒ අනුව මෙම දඬුවම් නියම කළ අභියාචනාධිකරණය මෙම තීන්දුව පිළිබඳව වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙත දැනුම්දෙන මෙන් නියම කර තිබෙනවා.


ඥානසාර හිමියන්ට එරෙහි නඩුවේ තීන්දුව අද [Aug 8, 2018 @ 08:28]

අධිකරණයට අපහස කළ බවට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්ත්තේ ඥාණසාරහිමියන්ට එරෙහි නඩුවේ තීණ්දුව අභියාචනාධිකරණය විසින් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව විභාග වන අවස්ථාවේ දී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතුවලට බාධා වන අයුරින් හැසිරීම සම්බන්ධයෙනුයි උන්වහන්සේට එරෙහිව චෝදනා එල්ල වන්නේ.
හෝමාගම මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ දැනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරන රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයට කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ නඩු විභාගය පසු ගිය 16 වන දා කැඳවනු ලැබුවා.
ඒ අනුව, එදින නියෝග කළේ අදාළ තීණ්දුව අද දිනය ප්‍රකාශයට පත් කිරීමටයි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ලක් හමුවේ සිදු කළ නඩු විභාගයකින් අනතුරුව අදාළ තීණ්දුව ලබාදීමට තීණ්දු කරනු ලැබුවා.

Your Comments