ඥාණසාර හිමිගේ මාස හයේ දඬුවම වසර 5කට අත්හිටුවයි

47

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පනවා තිබූ සය මසක සිරදඬුවම වසර 05කට අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය අද නියෝග කළා

අතුරුදන්‍ වු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණ භූමියේදී බැන තර්ජනය කළ බව කියන සිද්ධියට වරදකරු වීම හේතුවෙනුයි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය උන් වහන්සේට සය මසක සිර දඬුවමක් නියම කර තිබුණේ.

අනතුරුව ඊට එරෙහිව ඇපෑලක් යොමු කළ බැවින් ඥානසාර හිමියන් එම සිද්ධියට අදාළව ඇප ලබා සිටියා.

අද එම නඩුව කැඳවූ මහාධිකරණය උන් වහන්සේගේ සය මාසයක සිර දඬුවම වසර පහකට අත්හිටුවීමටයි නියෝග කළේ.

කෙසේ වෙතත් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තවදුරටත් සිරදඬුවම් විඳිනු ඇති.

Your Comments