ජිනීවා යෝජනාවලිය ගැන මහින්දගෙන් ජනපතිට ලිපියක්

16

ජීනිවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට ඉදිරිපත් කොට ඇති ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවේ අන්තර්ගත කරුණු පිළිබද අවධානය යොමුකරන ලෙස දක්වමින් පක්ෂ නායකයින් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී.එල්.පීරිස්, උදය ගම්මන්පිල, තිස්ස විතාරණ ඇතුළු තවත් පක්ෂ කිහිපයක නායකයින් විසිනුයි එම ලිපිය යොමුකර ඇත්තේ
අදාළ ලිපිය මඟින් ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ යෝජනාවේ අන්තර්ගත කරුණු මඟින් මෙරට අභ්‍යන්තර කටයුතුවලට විදේශීය මැදිහත්වීමක් පිළිඹිබු වන බවයි.
ශ්‍රී ලංකාවේ ද සම අනුග්‍රහය මත මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට ඉදිරිපත් වීම ඛේදජනක තත්ත්වයක් බව ද අදාළ ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.
මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට හා දේශපාලන ප්‍රධානීන්ට විදේශීය රටවල සංචාරය කිරීමේදි ගෝලීය අධිකරණ බලය ක්‍රියාත්මක වීම හේතුවෙන් විශාල අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවිය හැකි බවටයි අදාළ ලිපියෙන් තවදුරටත් දැක්වෙන්නේ.

Your Comments