ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට රජය කරුණු දක්වයි

14

සියලු‍ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පද්ධතිය සමග අඛණ්ඩව කටයුතු කරන බව රජය ජීනිවා හිදී අවධාරණය කරනවා.

ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 41 වන සැසිය ආරම්භ කරමින් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂ්ලේ කළ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනුයි මෙරට නියෝජිතයන් ඒ බව සඳහන් කර ඇත්තේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට තුළ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි එම නියෝජිතයන් ප්‍රකාශ කර ඇත්තේ.

තවදුරටත් විමර්ශන සිදුකිරීම සඳහා සැකකරුවන් අත්අඩංගුවේ තබාගැනීමට හැකිවන පරිදි හදිසි නීති රෙගුලාසි දීර්ඝ කරන ලද බවද ශ්‍රී ලංකා නියෝජිතයන් සඳහන් කළා.

මානව හිමිකම් කවුන්සිලයේ 41 වැනි සැසි වාරයේ දී, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වාචික කරුණු දැක්වීම පිළිබඳ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ කෙටුම්පත් ප්‍රකාශය

සභාපතිතුමනි, සම්භාවනීය නියෝජිතවරුනි,

මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බාචලෙට් මැතිනිය විසින් මානව හිමිකම් කවුන්සිලයේ 41 වැනි සැසි වාරයට ඉදිරිපත් කරන ලද වාචික කරුණු දැක්වීමට අදාළ න්‍යාය පත්‍ර අංක 2 යටතේ, අදහස් දැක්වීමට අවස්ථාව ලැබීම පිළිබඳව අපි සතුටට පත් වෙමු.

මහ කොමසාරිස්වරිය විසින් පුළුල් වශයෙන් අවධානය යොමු කළ, මානව ආරක්ෂාව හා මානව හිමිකම් අවදානමට ලක් වී ඇති වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් අපි එකඟ වන්නෙමු. ජාතික මානව හිමිකම් ආයතනවල කාර්ය භාරය, වෛරීය ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රමෝපායයක් හා කාර්ය සැලැස්මක් ක්‍රියාත්මක කිරීම, සංක්‍රමණිකයන්ගේ හිමිකම් හා රටකට අයත් නොවීම මෙන්ම, මානව හිමිකම්වලට බාධා පැමිණවීම සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව කරන ලද වැදගත් මත පළකිරීම් විශාල සංඛ්‍යාවක් කෙරෙහි අප මෙහි දී අවධානය යොමු කරමු. වැඩිදුර සංවාද පැවැත්වීම හා යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට පෙරාතුව, අදාළ මානව හිමිකම් යාන්ත්‍රණවලට අපගේ සහයෝගය අඛණ්ඩව ලබා දිය යුතු යම් යම් අංශ තිබේ.

සභාපතිතුමනි, මහ කොමසාරිස්වරිය ඇයගේ වාචික කරුණු ඉදිරිපත් කිරීමේ දී, ශ්‍රී ලංකාවේ වර්තමාන ප්‍රවණතා පිළිබඳව ද සඳහන් කළ අතර, මේ සම්බන්ධයෙන් පහත දැක්වෙන කරුණු කෙරෙහි මෙම කවුන්සිලයේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

­   පළමුවෙන්ම, මෙම වසරේ පාස්කු ඉරුදින, අයි.එස්.අයි.එස්. දර්ශනයේ පෙළඹවීමට ලක් වූ පුද්ගලයන් විසින් එල්ල කරන ලද අති සාහසික ත්‍රස්ත ප්‍රහාර මාලාවක් ශ්‍රී ලංකාව අත්විඳීය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අහිංසක මිනිසුන් 258 ක් පමණ ජීවිතක්ෂයට පත් වූ අතර, සිය ගණනක් තුවාල ලැබූහ. මෙම බරපතල ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකාව වහ වහා පියවර ගත් අතර, මහජනතාවගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ හා නීතිය හා සාමය සුරැකීමේ අරමුණින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන ලදී. එම ප්‍රහාරවලින් දෙමසක් ගතවී ගොස් ඇති අවස්ථාවක, ඊට අදාළ නීති හා නෛතික ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම තුළින් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ දී හා නීතිය හා සාමය ප්‍රතිස්ථාපනය කිරීමේ දී සුවිශේෂී ප්‍රගතියක් අප අත් කරගෙන ඇති බව මෙම සභාව හමුවේ සතුටින් ප්‍රකාශ කරමු. පොදු මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හා පොදු සාමය ආරක්ෂා කිරීම උදෙසා සහ සිදුකිරීමට ඇති විමර්ශන කටයුතු තවදුරටත් සිදුකිරීම සඳහා අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් තවදුරටත් අත්අඩංගුවේ තබා ගැනීමට හැකි වන පරිදි හදිසි අවස්ථා රෙගුලාසි දීර්ඝ කරන ලද බව ද, මෙහි දී සඳහන් කළ යුතුය. තව ද, හැඟී යන පරිදි මාර්ග පරීක්ෂාව හා මෙම ප්‍රහාරවලට ලක් වීමට ඉඩකඩක් පවතින ස්ථාන එනම්, පාසල්, ආගමික සිද්ධස්ථාන හා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා රැකවල් යෙදීම තවමත් අවශ්‍ය වන අතර, එම කටයුතුවල ආරක්ෂක හමුදාව නියැලීම වඩාත් සුදුසු වේ. සන්නද්ධ හමුදාවලට ඔවුන්ගේ රාජකාරි ඉටුකරගෙන යාම සඳහා බලය ලබා දීමට මෙම හදිසි අවස්ථා රෙගුලාසි අත්‍යවශ්‍ය විය. ත්‍රස්තවාදී කොටස් හඳුනා ගැනීමේ දී හා තවදුරටත් ප්‍රහාර එල්ල වීම වැළැක්වීමේ දී රජය හා ආරක්ෂක හමුදා සමඟ සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කර ඇති සියලුම පාර්ශ්වකරුවන්, විශේෂයෙන්, මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයන් විසින් අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් ලබා දෙන ලද සහය වෙනුවෙන් කෘතඥතාව පළ කිරීම වැදගත්ය. ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ වහාම, විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා පහසුකම් සැළසීමට ද්විපාර්ශ්වික හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් විශාල සංඛ්‍යාවක් විසින් ලබා දෙන ලද සහය වෙනුවෙන් ද ශ්‍රී ලංකාව කෘතඥතාවය පළ කරයි.

­   දෙවනුව, ත්‍රස්ත ප්‍රහාරවලින් සති 3 ක් ඉක්ම ගිය පසුව ස්ථාන කිහිපයක කලහකාරී පිරිස් විසින් ඇති කරන ලද ප්‍රචණ්ඩකාරී සිද්ධි කඩිනමින් පාලනය කළ අතර, අත්අඩංගුවට ගැනීම් කිහිපයක් හා වරදකරුවන් යැයි කියනු ලබන පුද්ගලයන් අධිකරණයට හමුවට ගෙන ඒම තුළින් එම අවස්ථාවල දී සාර්ථකව කටයුතු කිරීමට රජයට හැකි වී තිබේ. 2019 මැයි 13 වැනි දින ඇති වූ සිද්ධිවලින් අනතුරුව පුද්ගලයන් 151 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයන්, දේශපාලන උසිගැන්වීම් මඟින් මෙහෙයවා ඇති බව විමර්ශනවල දී හෙළි වී තිබේ. ආරක්ෂක තත්ත්වය තර කර තිබුණ ද, පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පැය 48 කින් ජාත්‍යන්තර රතුකුරුස කමිටුවට ඔවුන් වෙත පූර්ණ වශයෙන් ප්‍රවේශ වීමට ඉඩකඩ ලබා දී තිබේ. ප්‍රචණ්ඩකාරිත්වයේ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනී‍මේ දී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් හා පොලීසිය විසින් දක්වන ලද කඩිනම් ප්‍රතිචාරය පුළුල් වශයෙන් පිළිගැනීමට ලක් වී තිබේ. හමුදාව හා නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් විසින් සකසා ඇති වෘත්තීමය ප්‍රවේශය සහ දේශපාලන හා ආගමික නායකයන් විසින් අප්‍රමාදව සිදුකරන ලද ඇමතීම් මඟින් ප්‍රචණ්ඩකාරිත්වය තවදුරටත් පැතිරීම සාර්ථකව වැළකී තිබේ.

­   තවද, එම සිදුවීමේ දී සිදු වූ හානි සම්බන්ධයෙන් වන්දි ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙමින් පවතී. අභිනවයෙන් පිහිටුවන ලද හානි පූරණ කාර්යාලයේ දී, හානියට පත් වූ සියලුම දේපළ වෙනුවෙන් වන්දි ලබා දීම සඳහා කටයුතු සිදුකෙරෙමින් පවතී.

­   තෙවනුව, මහ කොමසාරිස්තුමිය විසින් ද ප්‍රකාශ කරන ලද පරිදි, දැනටමත් ආරම්භ කොට ඇති සංහිඳියා ප්‍රයත්න තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රජාවන් අතර දැනුවත් භාවය හා එකමුතුකම වැඩිදියුණු කිරීම, සාමය ගොඩනැංවීම හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා වූ අන්තර් ආගමික කවුන්සිලයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය දැනටමත් කටයුතු ආරම්භ කොට ඇත. ඒ අනුව, කිසියම් වෛරී සිදුවීම් හෝ ප්‍රචණ්ඩත්වය කරා පෙළඹවීම්, නීතියේ මැදිහත්වීම, ඵලදායී ලෙස නීතිය බලගැන්වීම මෙන්ම, අන්‍යෝන්‍ය අවබෝධය හා විවිධත්වයට ඉඩ සැළසීම සඳහා වූ ශක්තිමත් හා දැනුවත් සංවාද පැවැත්වීම තුළින් නිරාකරණය කරනු ලැබේ.

­   ගෝලීය තර්ජනයක් වන ත්‍රස්තවාදය, රැඩිකලීකරණය හා ප්‍රචණ්ඩ අන්තවාදය යන පොදු විරුද්ධවාදියා සමඟ සටනක අප යෙදී සිටින බව, පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය අපට සිහිපත් කරවයි. ජාතීන් හා ආගම් අතර වෙනස්කම් පැවතිය ද, අපගේ ජනතාව සියවස් ගණනාවක් තිස්සේ එකිනෙකා සමඟ උරෙනුර ගැටෙමින් මිත්‍රශීලීව දිවි ගෙවා ඇති අතර, අදට ද ඔවුහු එසේම වෙසෙති. ප්‍රජාවන් ධ්‍රැවීකරණය වීම වළක්වාලීම සඳහා, සංස්කෘතික උරුමයන්ට ගරු කරන අතරම, එක් ජාතික අනන්‍යතාවක් පෝෂණය කිරීම සඳහා සමාජයේ සියලු කොටස් සමඟ කටයුතු කිරීමට රජය කැප වී සිටී.

­   සිව්වැනිව, රට තුළ වූ ත්‍රස්ත ජාලයන් බිඳ දැමීමට හේතු වූ ඵලදායී පියවර රජය විසින් ගනිමින් තිබිය දී, ශ්‍රී ලංකාවේ ජාතික ආයතන ද ප්‍රචණ්ඩත්වය හා අන්තවාදයට අදාළ ගැටලු සම්බන්ධයෙන් දිගටම මැදිහත් වෙමින් සිටී. මෙම සන්දර්භය හමුවේ, රාජ්‍ය තන්ත්‍රයෙන් නිදහස් අංගයක් ලෙස පවතිමින්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඉස්මතුකර පෙන්වමින් හා නිරාකරණය කරමින් සහ සියලු දෙනාටම සමාන ලෙස සැළකීම හා වෙනස් කොට නොසැළකීම සුරක්ෂිත කරමින්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම විසින් සිදුකරන කාර්ය භාරය පිළිබඳව මහ‍ කොමසාරිස්තුමියගේ දිරිගන්වනසුලු ප්‍රකාශ පිළිබඳව අපි සැලකිල්ල යොමු කරමු.

­   අවසාන වශයෙන්, සභාපතිතුමනි, ඉහත පියවරයන් හුවා දක්වන අතරතුර, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවය හා සමානාත්මතාවය සහ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වූ අපගේ ජාතික වගකීම ඉහළ නැංවීම සඳහා, ඵලදායී සංවාදයේ හා සහයෝගීතාවයේ ප්‍රතිපත්තිය අනුව යමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පද්ධතිය සමඟ අඛණ්ඩව කටයුතු කරන බව ශ්‍රී ලංකා රජය මෙම කවුන්සිලය වෙත සතුටින් දන්වා සිටී.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 41 වන සැසිය ආරම්භ කරමින් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂ්ලේ ශ්‍රී ලංකාව පිළිබඳ කළ අදහස් දැක්වීම….

41st session of the Human Rights Council

Opening statement by UN High Commissioner for Human Rights Michelle Bachelet

Mr President,

In this context, I also want to highlight my concerns about violence, and the incitement of violence, on the basis of religion – both in what is now known as the real world, and online. In recent months we have seen Muslim mosques, Jewish synagogues and Christian churches attacked by gunmen; and worshippers of many faiths subjected to violent attacks.

In Sri Lanka, I am concerned that the terrorist attacks two months ago have fuelled increasing tensions. The lack of a unified approach between the President and Government regarding key human rights concerns risks adverse impact on the effectiveness of the security forces in ensuring safety and protection for all. I am disturbed by reports of anti-Muslim attacks; recent statements by some religious leaders inciting violence constitute worrying early warning indicators that should be addressed. While some counter-terrorism measures are warranted, the state of emergency should be of minimal duration, and a priority should be given to bringing political, religious and other community leaders together to address root causes of all forms of violence and discrimination. In this context, I express my support to the Human Rights Commission of Sri Lanka for its commendable and courageous role.

We must be more vigilant in the face of the hatred and violent extremism which feed off each other. But we need to act both with great urgency and great care. As the new UN Strategy and Action Plan on Hate Speech emphasises, the misuse of excessively broad restrictions on freedom of speech may lead to silencing critics and the intensification of attacks on the press and human rights advocates.

 

Your Comments