ජාතික විද්‍යා පදනමේ 50 සංවත්සර උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

15

ජාතික විද්‍යා පදනමේ 50 වන සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
එහිදී විද්‍යා හා පර්යේෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ මහාචාර්යවරුන් දෙදෙනෙකු වන මහාචාර්ය සී.බී. දිසානායක, මහාචාර්ය ආර්.ඒ.කේ.එල්. දිසානායක යන මහත්වරු මෙහිදී ජනාධිපතිවරයා අතින් යාවජීව සම්මානයෙන් පිදුම් ලැබුවා.
වසර 50ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද එහිදී සිදු කෙරුණා.
1968 වසරේ ස්ථාපිත කෙරුණු ජාතික විද්‍යා කවුන්සිලය 1981 වසරේදී ස්වභාවික සම්පත් බලශක්ති හා විද්‍යා අධිකාරිය බවට පත්වූ අතර එය 1998 වසරේදී ජාතික විද්‍යා පදනම ලෙස යළි ප්‍රතිස්ථාපනය කෙරුණා.
දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන් සිදු කරන විද්‍යාත්මක පර්යේෂණ හා සොයා ගැනීම් පිළිබඳ දැනුම බෙදාහැරීමේ සාර්ථක පෙරගමන්කරුවෙකු ලෙස ජාතික විද්‍යා පදනම කටයුතු කරමින් සිටිනවා.

Your Comments